Saturday 23 March 2013

දියවැලක් ඔස්සේ .....යන ගමනක්

මෙතෙක් ලියපු ලිපිවලට බොහෝ ප්‍රතිචාර ලැබුණා. සමහර ඒවා ඉතා අභියෝගාත්මක ප්‍රතිචාර. තවත් අය මේ බ්ලොගය සින්ඩි වලට එකත් කරගෙන තිබෙනවා. තව සමහර මිතුරන් වැදගත් තාක්ෂණික යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.

ඉදරිපත් කර තිබෙන ප්‍රතිචාර මග හැර යාමට නොහැකි තරම් බරක් සහ වැදගත්කමක් සහිත ඒවායි. එම එම නිසා ඊ ළඟට ලියන ලිපි මේ ප්‍රතිචාර වලින් ඉදිරිපත් කර තිබෙන කරුණු වලට මගේ ප්‍රතිචාරත් එකතු කරගෙනම ලියන්නම්. මට ආපු ඉතා බරපතල ප්‍රතිචාර කිහිපයක් මෙහෙමයි.

සුජීව කොකාවල
පරණවිතාන මහතා සැහෙන්න බිසී කෙනෙක් බව දන්නවා ඒත් සංවාදයෙන් තොර බ්ලොග් අවකාශයක් නැහැනේ. ඔබ පිළිතුරු දෙන බව දුටු නිසයි මම කොමෙන්ට් කරන්නේ. කෙසේ වෙතත් ඔබේ ලිපි නිතර කියවනවා. කාලෙකින් දැක්ක හොඳ බ්ලොග් එකක්.

සමාජය ප්‍රගතිය කරා යනවා කියන එකත මනින්නේ ශිෂ්ටාචාර සම්මුති මත ඉඳගෙන. ශිෂ්ටාචාර සම්මුති අනුව සමාජය ඉදිරියට යනවා. ඒක හරි. හැබැයි එහෙම යද්දී අපි තවත් ගැටළු නිර්මාණය කර ගන්නවා. ඊට හේතුව ජීවී ලෙස හෝ සාමාජිය ලෙස මානවයා පරිනාමය වන්නේ "දියුණුව" පදනම කරගෙන නොවන නිසා. පරිනාමය උත්තරීතර ධර්මයක් නොවේ. පහත් තැනින් ජලය ගලන්නා වැනි ඉනේවිටබල් දෙයක්. පරිනාමය තුලින් උත්තරීතර ජීවියෙක් හැදෙන්නේ නැහැ. හැබැයි මනසක් තියෙන මනස තුල ශිෂ්ටාහ්චආරයක් මවාගෙන ඉන්න මිනිසා තමන්ට රිසි සේ හර්ද ශාක්ෂියක් හදාගෙන [ශිෂ්ටාචාර සම්මුති වලට යටත්ව] ඒක කොහොම හරි සම්පුර්ණ කරන්න වෙහෙසෙනවා. හැබැයි යටින් ඉන්නේ පරිනාමික සතා නේ. ඉතින් ඌ ඒක අස්සේ තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ෂෝට් කට් කපටි වැඩ කරනවා.

අද අපි ඉන්න දියුණු යයි සම්මත යුගයේ ගව දෙනුන්ට උපදින පිරිමි පැටවුන් සතියක් තුල මරා දමන්නේත්, ඒ සතියේ කිරි අපතේ යන නිසා ඌව බඩගින්නේ තියන්නෙත් මේකයි. මේක ඇහුවම සමහර විට අතීත ලාංකිකයා කම්මුලේ අත තියා ගනියි. හැබැයි රජුට ද්‍රෝහී වෙච්ච එකාගේ අඹු දරුවන් මරද්දී එහෙම කම්මුලේ අත තියා ගත්තු බවක් පෙනෙන්නේ නැහැ. ශිෂ්ටාචාර සම්මුති.

මේ ශිෂ්ටාචාර සාමුති වලින් එහාට පේ තියෙන එකම ප්‍රගමනය විද්‍යා හා තාක්ෂණික දියුණුව පමණයි. ඒ කාලේ පවුලක් වෙතොත් ඒක දරුවෙක් විතර මැරිලා. මිනිහෙක් සමහර විට බඳින්නේ ගැහැනියගේ නංගි දෙවන මනමාලියට අරගෙන, මොකද දරු උපතේදී එතරම් ගැහැණු මැරෙනවා. මේවා නැති කිරීම පමණයි අපේ පහු කාලින ප්‍රගතිය.

දැන් තියෙන අර්බුධය වෙන්නේ මේ ලබා ගත්තු දියුණුව ලොව පුරා බෙදා ගැනීම. එතනදිත් මම හිතන්නේ අපි පහුගිය වසර 50 ඇතුලටත් මාර දුරක් ඉස්සරහට ගිහින්. සී එන් එන් කාරයාට දැන්වීම් විකිණීමේ උවමනාවට හරි හිතෙනවා සහෙල් ප්‍රදේශයේ ජල හිගය හා හාමත ගැන ඇමරිකාවට පෙන්නන්න. වසර පනහකට පෙර මාලි, චැඩ් කිව්වම මොකද්ද කියා නොදැන උන්නේ මිනිස්සු පමණක් නොවේ මාධ්‍ය වත් දැන උන්නේ නැහැ. අපි ඉස්සරහට අඩියක් ගිහින්.

මෙහෙම තමයි කරුණාරත්න මහත්තයා මේ ගමන යන්නේ. ඔයිට එහා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. කොටින්ම පරිනාමික ක්‍රියාවලියක් තුල බලාපොරොත්තු තියාගන්න බැහැ. හුදෙක් ලද දෙයින් සතුටු වෙන්නත් හෙට වඩාත් හොඳ කර ගන්නත් විතරමයි පුළුවන්.

මේක ඇතුලේ ලයින්ස් මැද්දේ තියෙනවා පණිවුඩයක් මේ සිස්ටම් ඒක අවුල් නිසා මේක වැටෙනකම් ඉන්න හෝ වට්ටන්න හදන අයට. එහෙම කරපු ඒක පර්යේෂණයක් වත් සාර්ථක වෙලා නැහැ. සරල හේතුව තමා මානවයා යනු උත්තරීතර මිනිසෙකු නොව පරිනාමික සතෙක් වීම. උත්තරීතර විය යුත්තේ පද්ධති විනා මිනිසුන් නොවේ. පද්දතියක උත්තරීතර බව කියන්නේ ආත්මාර්ථකාමී සාමාන්‍ය මනුස්ස සතෙකුට පිස්සු කෙලින්න බැරි වීම. වර්තමාන පළමු ලෝකය හදාගෙන යන්නේ එහෙම පද්ධති.

දිගු අදහස කෙටි කරලා කෙනෙකුට කොමෙන්ට් එකක් දැම්මා. පස්සේ මම ඒක මගේම බ්ලොග් එකක දැම්ම. ඉඩක් ලදොත් කියවන්න.

අදහස් දෙකක්

මම හිතන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපූර්ණතාවයේ මානසික රෝගය වෙනුවට අදට වඩා හෙට සුබ කර ගන්න හදන ඒක තමා. සී ටී ප්‍රනාන්දු හරි.

 මයියා

 ගමනේ අවසානය දන්නේ නැතනම් කොහෙන් ගියත් කැරකිලා එන්නේ හිටපු තැනටයි කියලා චක්‍රීයේන් දෙනවා...

එහෙමත් නැත්නම් විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...

හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා...


බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ.....

ලොකු
  1.  බොහෝවිට තාර්කික කරුණු දැක්වීම් අතාර්කික වෙනවා මතුපිටින් පමණක් පෙනෙන දේ නාමිකව අර්ථකථනය කර තර්කයට අදාලව ගැලපීමට අපේ ඇති පෙළඹීම නිසා.

  2. ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ.

    මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?

    එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.

    මගේ අල්ප දැනුමට අනුව බටහිර, විශේෂයෙන් කැනඩාව හා උතුරු ඇමරිකාව ආගම හා රජය වෙන්කර තැබීමයැයි අදහස් කරන්නේ රටේ නායකයින් දේශපාලකයින් ආගමක් ඇදහීමවත් ආගමික හැදියාව සංකල්ප අත්හැරීමවත් නොවෙයි. මා දකින විදිහට නම් එය රටේ පාලකයින් අදුර්ශමාන හා සර්වබලධාරීවූ බලවේගවල නිලලත් නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් අත්තනෝමතිකව රට පාලනය කිරීමේ ක්‍රමය අතහැරීමක්.

    අදත් ඉතින් හිතුණ දේ හිතුණ ලෙසින්ම ලිව්වා.


  1. සුරේන් රාඝවන්
  2.  I am not that happy with your writings ( of course you dont have to care as you have the freedom to write what you prefer)
    You instead of writing on the danger of identity political religion of Sinhala Buddhism and its neo-militancy as witnessed in Lanka, are earger to write on kind new "christian cue' thesis guilty of promoting a western modernity. That does not fit into a honest intelctual enagement. I see the shadows of your guru Nalin De Silva.
    This is like digging wells while the house is on fire: a selective double blindness.
    Your writting falls between the translocal nationalism and postmodern critique both which reject the reality that is presented by the critical historical analyses.

    but still you are a great friend with whom I engage.

  3. මේ වගේ ප්‍රතිචාර ලැබෙන කොට ඉතින් පටන් ගත්ත වැඩේ කොහොමවත් නතර කරන්න බැහැ. මේ බ්ලොගය පටන්ගත්තේ කැනඩාවේ උෂ්ණත්වය ඍන 20 ට විතර පහළ බැහැල තිබුණු ශීත කාලේදී. දැන් ශීත කාලේ අවසන් වෙගෙනයි එන්නේ. රට වගේම බ්ලොගයත් ටික ටික උණුසුම් වේගෙන එනවා. ශීත කාලෙට වඩා දැන් කාර්යබහුල වුනත් කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්නම්. අපි මූලික වශයෙන් කතාකරන්නේ රාජ්‍යය ගැනයි. ඉඳල හිටලා 'ලයිට් රීඩින්' එකක් දෙකක් එහෙම දැම්මත් ඒවාත් අපේ මූලික මාතෘකාවට සම්බන්ධ කරන්න උත්සහ ගන්නවා.

    කාලයක් ලිවිල්ල නවතලා හිටපු මට ඔබේ මේ ප්‍රතිචාරත් සමග ලිවීම සඳහා උනන්දුව දිරිය වැඩිවෙලා තිබෙනවා. මේ බ්ලොගය සහ එහි ලිපි විවිධ ක්‍රමවලින් හුවමාරු කරන සියලුම මිතුරන්ට ස්තුතියි. අපි සංවාද කරමින් ඉදිරියට යමු මේකත්
    "දියවැලක් ඔස්සේ..........." (සිරිලාල් කොඩිකාරගෙන් ණයට ගත් කියමනක් ) යන ගමනක්.

4 comments:

  1. ඔබට තවත් පාඨකයෙක් එකතු වුනා , දැන ගත්තේ චාර්මි ගුරුගේ විසින් පල කරපු ලිනික් එකකින්

    ReplyDelete
  2. පරණෙ දැන් හරි යමක් විවෘතව කිය හැකි බ්ලොග් අවකාශේ ඉන්න බොහෝ අය දැන් මෙතැනට එනවා. තව කතන්දරත් ගෙන්නා ගමු. ජය වේවා!!

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු.

    ReplyDelete
  3. "හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා..."

    ඔබේ කියමනක් නොවුනත්, මේක නම් වැරදියි. බුද්ධාගම කියන්නේ නිශ්චිත මාර්ගයක් තියෙන එකක්. නමුත් හුඟ දෙනෙක් හිතන් ඉන්නවා ඇති කරලා බලමු කියලා. ඒක ඒ අයගේ අනවබෝධය.

    ReplyDelete
  4. හොඳ ඉල්ලුමක් ලැබෙමින් පවතින හැඩයි...ජයම වේවා. පත්තර පිටු අතර කළ නොහැකි දේ කළ හැකියි බ්ලොග් තුළ. මේ ගැන දැනුම්වත් කරන්නම් අන් සහෘදයන්වත්.

    ReplyDelete