Monday, 4 April 2016

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට පෙර ලියන සටහන.....................

හැම රටකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත.
එහෙත් ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් හැම රටකම නැත.
සිම්බාබ්වේ රටේ හොද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත.
ව්‍යවස්ථානුකුල පාලනයක් නැත.
උදාහරණ නම් තවත් ඇත.
වයවස්ථාවට අනුව ඡන්දය පවත්වන හැම රටකම ඡන්දදායකයෝ සිටිති.
එහෙත් ඒ  හැම ඡන්දදායකයෙක්ම  පුරවැසියෙකු වන්නේ නැත.
පුරවැසියා යනු නෛතික පුද්ගලයකි.
සමාජය තුළ පුරවැසියා සතු අයිතිවාසිකම් මෙන්ම සමාජය කෙරෙහි පුරවැසියා සතු යුතුකම්ද ආණ්ඩුක්‍රම නීතියේ සදහන් වෙයි.
නීතියේ සදහන් වූ පමණටම අයිතිවාසිකම් රැකෙන්නේ නැත.
යුතුකම් ඉටුවන්නේද නැත.
එසේ වීමට හැම පුරවැසියෙක්ම අයිතිවාසිකම් වලට සහ යුතුකම් වලට සංවේදී විය යුතුය.
හැම පුරවැසියෙක්ම අයිතිවාසිකම් වලට සහ යුතුකම් වලට සංවේදී වන්නේ නැත.
අයිතිවාසිකම් සහ යුතු කම් වලට අසංවේදී පුරවැසියෝ නිෂ්ක්‍රිය පුරවැසියෝය.
සංවේදි පුරවැසියෝ සක්‍රිය පුරවැසියෝය.
අයිතිවාසිකම් වලට පමණක් සංවේදි සක්‍රිය පුරවැසියෝ නරක පුරවැසියෝය.
හොද සක්‍රිය පුරවැසියෝ අයිතිවාසිකම් සහ යුතුකම් දෙකටම සංවේදී වන්නෝය.
හොද නරක අයත් වන්නේ දේශපාලනයට නොව අචාර ධර්ම වලට යැයි ප්‍රකට මතයක් තිබේ.
මේ මතය නරක මතයකි.
අචාර ධර්ම සහ දේශපාලනය වෙන් කරන්නට කතා කරන්නේ මැකියාවෙලි වැනි නරක දේශපාලන චින්තකයන්ය.
දේශපාලනයට ආචාර ධර්ම තිබිය යුතු බව කියන්නේ ඇරිස්ටෝටල් වැනි හොද දේශපාලන චින්තකයන්ය.
ව්‍යවස්ථා හදන සමහර අය මැකියාවෙලිගේ දරුවෝය.
සමහර අය ඇරිස්ටෝටල්ගේ දරුවෝය.
ඔබ මැකියාවෙලිගේ දරුවෙක්ද?
ඇරිසිටෝටල්ගේ දරුවෙක්ද?

6 comments:

  1. හොද පැහැදිලි කිරීමක්............ ඒ වගේ ම හොද න්‍යායාත්මක හැදින්වීමක්........

    අලුත් ව්‍යවස්ථාවක් කියන්නේ ම එක විදිහක අවස්ථාවක්.. තවත් විදිහක අනතුරක්... නමුත් ඒක අවස්ථාවක් වෙන්නේ හෝ අනතුරක් වෙන්නේ ඒක භාවිතා කරන්නන්ගේ භාවිතාව අනුවයි. පිහියක් වුණක් ඔය දෙපැත්තට ම භාවිතා කරන්න හැකියිනේ..... නමුත් මේ රටට උත්තරීත්ර නීතියක් හදන වෙලාවේ ඒක උපරිම සාධාරණ විදිහට නිර්මාණයවීමයි වැදගත්.

    ReplyDelete
  2. හැම දේටම ආචාර ධර්ම තියෙනකොට දේශපාලනේට විතරක් ආචාර ධර්ම නැතිවෙන්න බැහැ.
    ලෝකයක් අපිව පහුකරගෙන යනකොට අපි තාමත් ඉබි ගමනින් යන්න එක හේතුවක් ඕක.

    රටට මොනාහරි නරකක් වෙලා තියෙනවාද එකෙන් වැඩි ප්‍රමාණයකට වගකියන්න ඕන චාරයක් නැති දේශපාලනය.
    එක නිසා අචාර ධර්ම කියන්නේ දේශපාලනයට අත්‍යවශ්‍යම දෙයක්.

    ReplyDelete
  3. දේශපාලනයට අවශ්‍යවන්නේ ආචාරධර්ම නොව... මුන්නේශ්වරම් පොල්ය.ඊට අමතරව සීනිගම මිරිස්ය. අඩුවකට ඇත්තේ දෙහි කැපිල්ලක් පමනි. ලුනු පොඩ්ඩකුත් වැටුනානම් ජාති සම්බෝලයක්ය. අපිට අවශ්‍ය සම්බෝල දේශපාලනයක් මිස මහත්මා දේශපාලනයක් නොවේ. අපි ඒවාට එවරෙඩිය.Aru

    ReplyDelete
  4. ඇරිස්ටෝටල් හා මකියාවෙල්ලි යනු ඒ ඒ කාලයන්ගේ සමාජය විසින් බිහිකරනු ලෑබූ පුද්ගලයන්ය...

    ඇරිස්ටෝටල් යනු දේශපාලන දාර්ශනිකයෙක් නම් මකියාවෙලිලි යනු දේශපාලන ප්‍රයෝගිකවාදීයෙකි. එය අපට ගැලපෙන අයුරුන් සූත්‍රගත කලහොත් වර්තමාන ලාංකීය දේශපාලනේ රනිල් සහ මහින්ද වැනි වෙනසකි. නැතිනම් වික්‍රමබාහු හා වීරවංශ වැනි වෙනසකි.

    ඇරිස්ටෝටල් දේශපාලනය තර්කය හා දර්ශනය ඇසුරින් ගොඩ නැගුවා නම් මකීයාවෙල්ලි දේශපාලනය ගොඩ නැගුවේ අත්දෑකීමෙන් හා ඉතිහාසයෙන් ය. මකියාවෙල්ලිට ඒ සදහා ඇරිස්ටෝටලට නොතිබූ ඉතිහාසගත ප්‍රවාහයක් ද තිබුනේය.

    අවසාන වශයෙන් ඇරිස්ටෝටල් යනු විශන් එක නම මකියාවෙල්ලි යනු මිශන් එකය...වර්තමානයේ අප කල යුත්තේ ඇරිස්ටොටල් පලවා හැර මකියාවෙල්ලි වැලද ගෑනීමවත්, මකියාවෙල්ලි විසි කර ඇරිස්ටෝටල් බදා ගෑනීමවත් නොව දෙදේනාගේම ඉගැන්වීමෙන් ලද සාර්ත්ක දේශපාලන විශන් එකක් හා මිශන් එකක් බිහි කර ගැනීමය...

    අසුභවාදියා සුලඟ නැතැයි මැසිවිලි නගයි
    සුභවාදීයා සුළග එතැයි බලාපොරොත්තුවෙන් සිටියි
    යථාර්ථවාදීයා සුලඟ එන දිහාවට රුවල සදයි....

    ReplyDelete
  5. //ව්‍යවස්ථා හදන සමහර අය මැකියාවෙලිගේ දරුවෝය.//
    එබව නම් මොනවට ඔප්පු වෙයි

    ReplyDelete

Google+ Followers